Home Events WSC met GMOA

WSC met GMOA

242
0

The Workers Struggle Centre (WSC) and Government Medical Officers Association (GMOA) discussed the current issues of the working class of the country.

Low salaries, unsecured working conditions, instability of jobs, oppressive laws, lack of social security and pension are few of the main issues facing by the working class. The WSC proposed GMOA to carry on collective measures to bring solutions for the issues of the working class based on the following slogans;

 

  • Increase the wages of state workers by Rs. 10000
  • Increase minimum wage of private sector up to Rs. 25000
  • Pay Rs. 1000 day wage for estate workers and permanent        monthly salary
  • Absorb
  • manpower and contract workers to permanent cadre
  • Pay Rs. 1500 minimum daily wage for manpower and              contract workers
  • Defeat Counter Terrorism Act
  • Stop selling public assets to multinational companies
  • Protect pension rights
  • Don’t touch EPF-ETF
  • Fight together and annihilate grade, trade union and                professional differences
  • Abolish Singapore agreement
  • Protect foreign employees’ rights

 

වැඩකරන ජනතාව මුහුණ දෙන අභියෝග හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රජයේ  ‌වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග අද (21) දින සාකච්ඡාවක් පවත්වන ලදී.

මේ මොහොතේ ලාංකේය වැඩකරන ජනතාව ජීවත්වීමට සරිලන වැටුපක් නොමැතිකම, සේවා ස්ථිරතාව හා සුරක්ෂිතතාව පිළිබඳව, සූරාකෑම තීව්‍ර කරන හා වෘත්තීය අයිතිීන් වෙනුවෙන් වන ක්‍රියාකාරකම් මර්දනය කරන නීති සංශෝධන, විශ්‍රාම ජීවිතයේ හා සමාජ ආරක්ෂණ ක්‍රම පිළිබඳව ආදී වශයෙන් බරපතළ අභියෝග රැසකට මුහුණ පා සිටිති. මේ අභියෝගයට මුහුණ දිය හැක්කේ සියලුම වැඩකරන ජනතා බලවේග ඒකාබද්ධ වූ අරගලයකින් බව අපගේ විශ්වාසයයි. ඒ අනුව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ යෝජනාවක් සහ පහත සටන් පාඨ පිළිබදව කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් සාකච්ඡාව පවත්වන ලදී.

■ රාජ්‍ය සේවක වැටුප් 10,000කින් වැඩි කරනු!

■ පෞද්ගලික අංශයේ අවම මූලික වැටුප රු. 25,000ක් කරනු!

■ වතු කම්කරු දිනක මූලික වැටුප රු. 1000ක් කරනු! ස්ථිර මාසික වැටුපක් ලබා දෙනු!

■ මෑන්පවර්, කොන්ත්‍රාත්, අනියම් එපා! සියලු සේවකයන් ස්ථිර කරනු!

■ මෑන්පවර්, කොන්ත්‍රාත්, අනියම් දවස් පඩිය රු. 1500ක් කරනු!

■ වෘත්තීය සමිති, බහුජන සංවිධාන, දේශපාලන පක්ෂ මර්දනය කරන ප්‍රතිත්‍රස්ත පනතට එරෙහි වෙමු!

■ මහජන දේපළ බහුජාතික සමාගම්වලට, ධන කුවේරයන්ට විකිණීම නවතනු!

■ විශ්‍රාම වැටුපට අත නොතබනු!

■ EPF-ETF කොල්ලය නවතනු!

■ වෘත්තීය භේද, ශ්‍රේණි භේද, සමිති භේද එපා! එකව සටන් වදිමු!

■ බදු ගසන සහන කපන මහජන දේපළ විකුණන IMF ණය උගුලට එරෙහි වෙමු!

 

■ ජනතා විරෝධී ගිවිසුම් එපා! සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අහෝසි කරනු!

 

■ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ජීවිතවලට වගකියනු! වැටුපට වගකියනු!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here