Home Local University Unions demand delayed scholarships

University Unions demand delayed scholarships

147
0

The government has not paid monthly scholarship toll of the students since October 2019. Furthermore after the 2010 the scholarship fee has not been increased according to the inflation level of the country.In the meantime the number of eligible students has been curtailed by the administration.

The Students Union of Jayawardenapura University organized a protest demanding the government to take immediate steps to resolve these issues.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ මේ වන විට ගොඩ නැගී ඇති විශාල අර්බුදයක් ලෙස මහපොළ අර්බුදය පෙන්වා දිය හැකි ය.මේ වනට විටත් සියළු පීඨවලට අදාලව ලැබිය යුතු මහපොළ වාරික දෙකක් තවමත් සිසුන්ට ලැබී නොමැති අතර එහි වඩාත්ම ගැටළුකාරී තත්වය වන්නෙ කළමණාකරන පීඨයෙ අවසන් වසර සිසුන් තම අධ්‍යයන කටයුතු අවසන් කර මාස කීපයකට ආසන්න වෙමින් පැවතිය ද ඔවුන්ට පවා තවමත් මහපොළ වාරික දෙකක් ලැබී නොමැති වීමයි.මහපොළ වාරිකය ලෙස මේ වන විට ලැබෙන රු.5000ක මුදල මසක වියදම සදහා ප්‍රමාණවත් නොවන අතර විශ්වවිද්‍යාල පරිපාලනය අවශ්‍ය සියළු සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දීමට ද අපොහිසත් වීම නිසා මෙම ප්‍රශ්න වලට මැදි වී සිසුන් ගැටළුකාරී තත්වයකට මුහුණ පා ඇත.මේ වන විට පවතින ජීවන වියදමට සාපෙක්ෂව රු.5000 මසකට ප්‍රමාණවත් නොවන අතර මහපොළ රු.5000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා සිසුන් සටන් කරන්නේ 2010 වසරේදි ය.ඒ ඒ වන විට පැවති ජීවන වියදමට සාපේක්ෂව ය.මේ වන විට ගතවූ වසර 10ක කාලය තුළ ජීවන වියදමට සාපේක්ෂව මහපොළ රු.13871ක්දක්වා වැඩි විය යුතු අතර අප ඉල්ලා සිටින්නෙ අවම වශයෙන් එය රු.10000 දක්වා වැඩි කරන ලෙස ය.ඊට අමතර ව මහපොළ ශිෂ්‍යධාර සදහා පැමිණීම 80% සලකා බැලීමේ තීරණයක් පවතින අතර මහපොළ අරමුදලේ සිදු වූ වංචාව නිසා විවිධ උපක්‍රම මගින් මහපොළ කප්පාදු කර දැමීමට පාලකයො උත්සහ කරමින් පවතියි.එනිසා ප්‍රමාද කළ මහපොළ වාරික වහා ලබා දෙන ලෙසත් මහපොළ රු 10000 දක්වා වැඩි කරන ලෙසත් බලකරමින් හා 80% මගින් මහපොළ කපාදු කිරීමට එරෙහිව විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී මහා ශිෂ්‍ය සංගමය මගින් විරෝධතාවයක් දක්වන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here