Home About us the new hunt of world super powers 

the new hunt of world super powers 

38
0

the new hunt of world super powers 

 

The Indian Ocean has become a most controversial zone of the power struggle of world super powers. The said conflict has united certain countries and on the other hand created animosities amoung certain other countries.

Australia , Japan, India have aligned with USA after the demarcation of new silk road by China. In order to spread the trade domination, the Indian Ocean zone has become the most vital hub for above factions. More than 50% of world oil production has been transporting via Indian ocean together with Gas, Uranium, Gold and other valuable minerals. Therefore twenty three major harbors out of world’s largest 100 are being maintained by this region.

Due to the developing tension situation between Iran and USA, warnings have been given to close down the Strait of Hormuz by Iran. In the event of such crisis the Indian Ocean would be the alternative to the US military agenda. The strategic importance of the Indian Ocean is, it connects Middle-East, Africa, Eastern Asia, Europe and USA. The 1/3 of the Australian coast has been opened to Indian ocern and thus the Australia is vested with an interest in order to strengthen their energy requirements. Recently a subtle trade war has been developing between China and Australia moving the Australia towards USA axis, whereas Japan and India also joined to the said alliance called ‘Quad’ since the year 2008.A joint military training mission of USA, Australia and Japan carried out in the Malabar sea demonstrating  the strength of the said alliance. The USA is endeavoring to build a  war front in Asian region like cold war era.

In the year 1971 the resolution submitted to the United Nations by then Lankan Prime Minister Sirimavo Bandaranayake to declare Indian Ocean as a zone of peace was adopted by UN general council. The recent ACSA and SOFA agreements signed by the Lankan government with USA contrary and inconsistent with the said UN resolution.

On the other hand the ‘ring of pearl’ project of China has to be read with the long term trade and military perspectives of China. A multiple economic plan has been initiated by china investing more than 60 Billion US dollars to build a supply route from china to Asia. The Gwadar Harbor of Pakistan is one of the significant access to that rout where China has already developed the said habour with a solar power Centre, oil and gas supply chain and new naval and air ports.

Simultaneously China has built Chabahar Harbor and Djibouti Harbor in order to access Africa and Middle East from Gwadar port. In August 2017 china built the first navy camp out of china gradually increasing military power in the Indian Ocean. The Hambantota Habor of Sri Lanka has been given to China for 99 years lease period and one jetty of Colombo harbor together with 220 acres of land have been acquired by China. While acquiring lands and ports through loans and donations china has been escalating the economic and political domination to other countries. The USA, India, Russia also taking strategic measures to counter the Chinese expansion creating a havoc in the Indian ocean region.

 

ලෝක බලවතුන්ගේ අදිසි ගොදුර

ලෝක බලවතුන් ගේ බල අරගල සුදුවේදී කිසිසේත් සිය අවධානය මැදිහත් වීම මොහොතකට සීමා කිරීමට නොහැකි භූමිභාගයක් බවට  ඉන්දියන් සාගර කලාපය  පත්ව ඇත. එයට විවිධාකාරයෙන් ලෝක බලවතුන් ගේ එක්සත් වීමක් මෙන්ම එකිනෙකට සතුරු කඳවුරු ලෙසද බෙදීයාමක් පෙන්නුම් කරයි.
මේ වන විට එක් අක්ෂයක් ලෙස කැපී පෙනෙනපෙනෙන එක්සත් ජනපද ඇලිය  ඕස්ටේ‍්‍රලියාව ජපානය ඉන්දියාව හා එක්සත් ජනපදය නියෝජනය කරයි. එය ස්ථානගත ස්ථාන ගතවෙමින් ඇත්තේ ඉතා විශාල වශයෙන් විශේෂයෙන් ගෙවුණු දශකය පුරා චීනය විසින්  මායිම් සලකුණු කරනු ලැබූ  නව සේද මාර්ගය ගොඩ නැගීමත් සමගය.
විශේෂ කරුණු ගණනාවක්  හේතුකොටගෙන  ලෝක බලවතුන් අත් නොහැර මැදිනොහැර මැදිහත් වන කලාපයක් බවට ඉන්දියන් සාගර කලාපය පත්ව තිබේ. ඉන් ප‍්‍රධාන වන්නේ මෙහි ඇති වෙළෙඳ ආධිපත්‍යයයි. ලෝක තෙල් නිෂ්පාදනයෙන් අඩකටත් වඩා ප‍්‍රවාහනයට දායක වන අතර, ගෑස්, යුරේනියම්, රත්තරන් ඇතුළු විවිධ ඛනිජ වර්ග අතුරින් විශාල ප‍්‍රමාණයක් නිරන්තරයෙන් මෙය හරහා ප‍්‍රවාහනය වේ. එනිසාම විශාල කන්ටේනර් පහසුකම් ඇති වරායවල් 100 ක් අතුරින් විශේෂිත වරායවල් විසිතුනක් මේ කලාපය විසින් නඩත්තු කෙරේ.
නිරන්තරයෙන් වර්ධනය වන එක්සත් ජනපද ඉරාන ගැටුමත් සමඟ දිගින් දිගට අනතුරු අඟවමින් තමන් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට කටයුතු කරන බවට  ඉරානය කියා සිටී. එවන් ගැටුමකදී එක්සත් ජනපදයට ඇති විකල්ප මාර්ගය වන්නේ ඉන්දියන් සාගර කලාපය යි.
මැදපෙරදිග අප‍්‍රිකාව හා නැගෙනහිර ආසියාතික රටවල් යුරෝපය හා එක්සත් ජනපදය සමඟ සම්බන්ධ කරන සාගර ප‍්‍රවේශය ඉන්දියන් සාගරය වන බැවින් මෙහි ඇති උපාය මාර්ගික වැදගත්කම ඉතා වැදගත් තැනක් ගනී. එමෙන්ම එය  ඕස්ටෙ‍්‍රලියාවට ද ඉතා වැදගත් ප‍්‍රවේශයක් ගනී.  ඕස්ටෙ‍්‍රලියාව සිය බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමේදී මේ කලාපයේ සිය බල ආධිපත්‍ය ගැන වඩාත් සැලකිලිමත් වන අතර ඔවුන්ගේ මුහුදු තීරයෙන් තුනෙන් එකක් විවෘතව ඇත්තේ ඉන්දියන් සාගර කලාපයට යි.
ඔවුන් චීනය සමග මෑත කාලීනව ඉතා සියුම් වෙළෙඳ ගැටුමකට ද මැදිව සිටි. එනිසා ඔවුන් වඩාත් සෘජු ලෙස එක්සත් ජනපද අක්ෂය සමග සංවිධාන ගතව ඇති අතර ඔවුන් පමණක් නොව ජපානය ඉන්දියාව ද ඈඳා ගනිමින් ‘කොඩ්’ (Quad) නමින් නව සන්ධානයක් 2008 න් පසු සක‍්‍රිය කොට ඇත.
විශේෂයෙන් මෝදි ආණ්ඩුවේ(2015 පසු) ආගමනයත් සමඟ මේ තත්ත්වය වඩාත් සංකීර්ණ වූ අතර   නොබෝදා මලබාර් මුහුදු කලාපයේ දී සිදු කෙරුණු එක්සත් ජනපද ,  ඕස්ටෙ‍්‍රලියා හා ජපාන නාවික යුධ යුද අභ්‍යාසය එහිලා කැපී පෙනේ. එය ඉන්දීය නාවුක බලඇණි වලදවල ද සහායෙන් වාර්ෂිකව පවත්වාගෙන යන නව නාවුක යුද ඇලියක් ව තිබේ. මීට සිංගප්පූරුව ඇතුළු වෙනත් රටවල්ද  ඈඳා ගනිමින් සීතල යුධ සමයේ ක‍්‍රියාත්මක වූ ආසියානු වැනි පුළුල් පෙරමුණක් ස්ථාපිත කිරීමට එක්සත් ජනපදය කටයුතු කරමින් සිටී.
ඔවුන් එය නිදහස් සහ විවෘත සාගර කලාපයක් ලෙස නම් කරන අතර සැබැවින්ම එය 70 දශකයේ දී එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන් ඉන්දීය සාගර කලාපය තුළ තහවුරු වීම වැලැක්වීමට  එවකට පැවති නොබැදී රටවල සාමාජික  රටවල් ගත් යෝජනාව වෙනත් ආකාරයකින්
අත්පත්කරගැනීමට යාමකි.
විශේෂයෙන් 1970 දී ඉන්දීය සාගර කලාපය සියලූ කාලයන් සඳහා සාම කලාපයක් (Peace Zone) හැටියට එවකට මෙරට අගමැති හැටියට සිරිමාවෝ විසින්   ලූසාකා සමුළුවේදී ගෙන එනු ලැබූ යෝජනාව  1971දී ,එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී අනුමත කරනු ලැබ,සම්මත කර ගැණුනි. එයට  අනුව  ගත් කළ මෑතකාලීනව. 1995 චන්ද්‍රිකා පාලනය විසින් අත්සන් කළ SOFA ගිවිසුම සහ ගෝඨාභය  රාජපක්ෂ හා රොබට් ඕ බ්ලේක් විසින් 2007 අත්සන් කළ ACSA ඇතුළු ගිවිසුම් පෙර පැවති සාම කලාප  එකඟතාවය කඩ කර දැමීමක් මෙන්ම කලාපීය බල දේශපාලන උවමනාවන් වෙනුවෙන් බලාපන් සමග එක්ව සිට ගැනීමක් ද වන්නේය.
මේ අතර චීනයේ මුතුපොට ව්‍යාපෘතිය ද මේ හා සමගම පුළුල්ව කියවා ගත යුතු දිගුකාලීන උපායමාර්ගික සැලැස්මකට අයත් බහුවිධ ක‍්‍රියාවලියකි. එහි එක් පාර්ශ්වයක් චීන පකිස්තාන  ආර්ථික කොරිඩෝවක් මගින් නිරූපණය වෙයි. ඩොලර් බිලියන 60 කට අධික වියදමකින් බටහිර චීනයේ සිට ඉන්දියන් සාගරය වෙත සැපයුම් ගලා යාමට හැකිවන පරිදි වසර පහළොවකට අධික කාලයක් පුරා දිවයන බහුවිධ ආර්ථික සැලසුමක් ක‍්‍රියාත්මක ව ඇති අතර, ක්වාධාර් වරාය  එහි එක් ප‍්‍රධාන ප‍්‍රවේශ දොරටුවකි .සුර්ය බල මධ්‍යස්ථාන, ගෑස් සහ තෙල් සැපයුම් මාර්ග ඇතුළත් මීට  සහසම්බන්ධිත නව නාවික හා ගුවන් තොටුපොළක් ද ඉදිකර ඇත.
විශේෂයෙන් ක්වාධාර් වරායේ සිට අරාබි මුහුදේ චහබාර් වරායත් එමෙන්ම දැවැන්ත අප‍්‍රිකානු  කලාපයට ප‍්‍රවේශ  දොරටුවක් ලෙස තිබූති රාජ්‍යයේ වාණිජ වරායක්ද චීනය විසින් ඉදි කෙරුණි. එහි ඊට අමතරව 2017අගෝස්තුවේ දී චීන රාජ්‍යයෙන් පිට නාවික හමුදා කඳවුරක් ද චීනය විසින් ඉදි කරනු ලැබූ අතර, ක‍්‍රමිකව මිලිටරි බලයක් ද සමග විශේෂ බලපෑම් සහගත ක‍්‍රියාකාරිත්වයක් ඉන්දියන් සාගරය තුළ චීනය විසින් හිමිකර ගනිමින් ඇත.
එයටම සමගාමීව ලංකාවේ හම්බන්තොට වරාය ද ඉදි කෙරුණු අතර එය මේ වන විට අවුරුදු 99ක බදු පදනමකින් චීන බලාධිකාරිය වෙතම ලංකාණ්ඩුව විසින් පවරා දී ඇත. කොළඹ වරායේ එක් ජැටියක් ද ඉදි කෙරෙමින් ඇති වරාය නගරයේ අක්කර  220 ක ඉඩම් හිමිකමක් ද සහිතව විශාල වාණිජ අධිකාරියක් චීනය විසින් අත්පත් කොට ගෙන ඇත. ලංකාවත් ඇතුළුව  චීනය විසින් යළි යළිත් ලබා දෙන ණය ආධාර විසින් තවදුරටත් සිය ආර්ථික බල දේශපාලන උවමනාවන් වෙනුවෙන් චීනයේ ග‍්‍රහණය වැඩිවෙමින් ඇති අතර ලංකාණ්ඩුවේ වත්මන් පාලනය සමග පොරකමින් චීනය, එක්සත් ජනපදය, ඉන්දියාව මෙන්ම  රුසියාව ද  එකිනෙකා පරයමින් මැදිහත් වෙමින් සිටින්නේ කලාපයේ  පවතින සුවිශේෂී තත්ත්වය මෙන්ම  ඊට ම ඈදෙන ලංකාවේ විශේෂත්වය ද සලකමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here