Home Events MFER protest demanding lands for north people

MFER protest demanding lands for north people

195
0

Movement for Equal Rights (MFER) joined with the people of Mutative who lost their land rights due to the establishment of several army camps by organizing a public protest.

‘ during the war period we were sent to refugee camps. Now almost 8 years lapsed from the end of the war. However still we are not given our lands, houses and livelihood. Earlier we lived very happy in our houses, land which are filled with mango, coconut and Palmyra trees. We want that life back’ said by a Kepapulav villager.

The national organizer of MFER emphasized that we need a consort struggle to bring the real freedom for Tamils by fighting against the government demanding the equal rights including land rights, freedom of expression, economic and social rights etc.

සම අයිතිය ව්‍යාපාරය අඛණ්ඩව මුලතිවු, කේපාපුලවු ජනතාවගේ ඉඩම් ලබා ගැනීමේ ප්‍රශ්නයට මැදිහත්වෙමින්, ඊයේ දිනයේදීද ඔවුන් හමුවට ගොස් එම ජනතාවගේ ඉඩම් ලබා ගැනීම පිලිබඳ උද්ඝෝෂණයක නිරතවුනා. ඔවුන්ගේ ඉඩම් නිවාස වටකර ඇති කඳවුරේ ‘ඉන්දු නිල් ගඟුලැල් පියුමින් සැරසූ…’ වාදනය වෙද්දී ඔවුන් වැස්සේ තෙමෙමින් තමන්ට අහිමි වූ තම පාරම්පරික ඉඩම් නිවාස දෙස බලමින් සුසුම් හෙලමින් සිටියා.

“යුද්දෙ කාලෙ අපිව කෑම්ප්වලට යැව්වා. අපි වසර දෙකක් කෑම්ප් එකේ ඉඳලා  ඇවිත් දැන් තවත් වසර 08 ක් ගතවෙලා. තවමත් අපිට අපේ ඉඩම් නිවාස නැහැ, අපේ මුහුදු රස්සාව කරන්න විදියක් නැහැ. අපිට තිබුනා ලස්සන ගෙවල්, අපේ වතුවල, අඹ, පොල්, තල් ගස් තිබුනා…අපිට ඒ මුකුත් නැතුව දැන් කොච්චර කාලයක්ද? ඇයි අපිට අපේ දේවල්ආපහු දෙන්නේ නැත්තේ? ” කේපාපුලවු වැසියෙක් ඇසුවා…..

මොකද්ද ඔබට දීමට ඇති පිලිතුර? ඔවුන්ගේ සපත්තුවට බැස බලන්න…..ඔබේ හදවත පවසන්නෙ කුමක්ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here