Home About us FLSP statement on US-IRAN conflict

FLSP statement on US-IRAN conflict

190
0

 

Statement on USA-Iran issue Pdf 

 

 Lets build anti-imperial progressive power spearheaded by workers, against genocide wars.

 

Official statement of Frontline Socialist Party on war-political conflict emanating in Middle East region with the involvement of USA.

The assassination of the commanding officer of the Revolutionary guard Major General Qasem Soleimani on the early hours of the 3rd of January 2020 by a targeted drone attack and counter missile attack on two American military bases Irbil and Al Asad in Iraq by Iran in the morning of the 8th of January 2020 has put the Persian Gulf in a war tension.  Looking at the statements issued by Russia and other European nations it is apparent that there is an imminent danger of a devastating world war. The Middle East has become a target for the United States and other Imperialist camp which are searching for new hunting fields that are strategically important for establishing new markets to expand the capital. The attacks on Iraq and Syria and their involvement in Egypt, Libya, and Palestine are part and parcel with their imperial agenda in the Middle East region. We read the current conflict with Iran is another episode of that same agenda. The Islamic extremism or rule in Iran could not be a ground to justify the imperial agenda of US. The previous invasions of Iraq and Syria could never be justified by pointing out the anti-democratic rule of Saddam Hussain and  Bashir Al Assad. The purported slogans which use by USA to interfere with the Iran territory will be culminated with a massive destruction of properties and the life of the people. Today the people of Iran have become the prey of this danger.

Since both countries possess nuclear weapons the whole world might have to face severe consequences in the event of a war. A Nuclear war will pave for unprecedented devastation of the human civilization. This conflict will have a great decree of impact on Sri Lanka not only because a foreign employees in Middle East or oil price but the Indian ocean will be the most strategic zone for both parties to locate their troops and supply change. In the circumstances the rivalry between china and USA for economic, political and naval power of the Indian Ocean will also be escalated. Both camps will intensify their interferences to Lanka as well. The acquisition and cross services agreement (ACSA) which was signed by then, defence secretary Gotabaya Rajapaksha in the year 2007 with USA and further extension of the said agreement by Prime Minister Ranil Wickramasingha in the year 2017 will trap the Lanka to the USA military agendas. With this agreement, Lankan government pledged to supply land, services, and human resources to the United States of America in the event of a war situation. By signing ACSA agreement the whole country has become crossfire of imperial camps. Hence we invite all  Lankans to be alert on developing tension situation in gulf region.

We all must together Demand from world super power camps and leaders to reverse their agendas which tainted with spreading imperial powers by dragging the whole world for a war by creating massacres. Instead promoting Racism, Nationalism or Religious extremism which is the other side of the same coin or to align with the imperial institutions like United Nations it is imperative to build anti-imperial world working class force. Therefore we invite all working masses, Left parties and organizations in the world to build a united front to defeat imperialism and the devastating capitalism and protect the entire earth from ruthless wars. We also invite the Lankan progressive masses and the movements to be a part of such an international progressive movement.

Central Committee

Frontline Socialist Party

8th of January 2020

 

ජන සංහාරක යුද්ධයට එරෙහිව

වැඩකරන ජනතාව ප‍්‍රමුඛ ප‍්‍රගතිශීලීන්ගේ

අධිරාජ්‍යවිරෝධී බලයක් ගොඩ නගමු!

 

(මේ වනවිට මැදපෙරදිග කලාපයේ එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් ඇවිළයමින් පවතින යුද- දේශපාලන අර්බුදය සම්බන්ධව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නිල නිවේදනය)

 

2020 ජනවාරි 03වැනිදා අලූයම අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරාකයේ බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපලට එල්ල කළ ඩ්‍රෝන ප‍්‍රහාරයකින් ඉරාන ඉස්ලාමීය  විප්ලවවාදී ආරක්ෂක බලකා බලඇණියේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් කාසෙම් සුලෙයිමානී මරා දැමීමත්, ජනවාරි 08 අළුයම ඉරානය විසින් ඉරාකයේ ඉරාකයේ එර්බිල් සහ අල් අසාද්හි පිහිටි ඇමරිකා එක්සත් ජනපද කඳවුරු දෙකකට එරෙහිව මිසයිල් ප‍්‍රහාර එල්ල කිරීමත් සමග පර්සියානු ගල්ෆ් කලාපයේ යුදමය ආතතියක් උද්ගතව ඇත. රුසියාව සහ යුරෝපා රටවල් ඇතුළු ලෝක බලවතුන් මේ සම්බන්ධයෙන් කරන ප‍්‍රකාශවලින් පෙනී යන්නේ එවැනි යුද්ධයකට රටවල් ගණනාවක් සම්බන්ධ වී ලෝකයම වෙලාගත් විනාශකාරී යුද්ධයක් බවට එය වර්ධනය වීමේ අවදානමක් ඇති බවය.

සිය ප‍්‍රාග්ධන අභිලාෂයන් උදෙසා නව ගොදුරුබිම් සහ වෙළඳපොළ සොයමින්ද, සිය යුද – දේශපාලන ආධිපත්‍යය වෙනුවෙන් උපායමාර්ගිකව වැදගත් ප‍්‍රදේශ අත්පත්කර ගනිමින්ද ලොව පුරා සැරිසරන ඇමෙරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී ආක‍්‍රමණිකයන්ගේ ප‍්‍රමුඛ ඉලක්කයක් බවට මැදපෙරදිග කලාපය පත්ව ඇත. ඒ බව ඉරාකයට, සිරියාවට එල්ල කළ ප‍්‍රහාර සහ ඊජිප්තුව, ලිබියාව, පලස්තීනය වැනි රටවලට කළ මැදිහත්වීම් බලගඋදාහරණ සපයා ඇත. මේ මොහොතේ ඉරානයට එරෙහිව කරනු ලබන තර්ජන සහ ප‍්‍රහාර වටහා ගත යුත්තේ එම වැඩපිළිවෙළෙහිම කොටසක් ලෙසිනි. මරා දමනු ලැබූ කාසෙම් සුලෙයිමානී ඇතුළු ඉරාන පාලක පංතියේ අධිපතිවාදී ක‍්‍රියා හෝ මූලධර්මවාදී දේශපාලනය හුවාදක්වමින් එම අධිරාජ්‍යවාදී භූ දේශපාලන සැලැස්මේ ප‍්‍රතිගාමීත්වය වසා දැමිය නොහැක. ඒ ඉරාකයේ සදාම් හුසේන්ගේ හෝ සිරියාවේ බෂීර් අල් අසාද්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ජන සංහාරක දක්ෂිණාංශික පාලන තන්ත‍්‍රවල ප‍්‍රශ්නය හරහා එම රටවලට එරෙහි ආක‍්‍රමණ සාධාරණිකරණය කළ නොහැකි ලෙසමය. ඊනියා ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයක ව්‍යාජ සටන්පාඨය යටතේ මැදපෙරදිගට කරනු ලබන මැදිහත්වීම් වල වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ මහා ජන සංහාර හා දේපළ විනාශයන් මගිනි. අද වනවිට ඉරානයේ ජනතාව එම අවදානමේ ගොදුරු බවට පත්කර ඇත.

 

පර්සියානු කලාපයේ ඇතිවන යුද්ධයක් ලොවම වෙලාගත් විනාශකාරී යුද්ධයක් දක්වා වර්ධනය විය හැක්කේ මේ යුද්ධයේ පාර්ශවකරුවන් න්‍යෂ්ටික බලවතුන් වන හෙයිනි. න්‍යෂ්ටික අවි භාවිතා කරන යුද්ධයක් දැවැන්ත ජන ඝාතනයකට, සමූලඝාතනයකට මාවත හෙලිකරනු ඇත. එපමණක් නොව මේ යුද්ධයේ බලපෑම ලංකාවේ ජනතාවට සමීප බලපෑමක් කරනු ඇත්තේ ලංකාවේ වැඩකරන ජනතාවගෙන් සැලකිය යුතු කොටසක් මැදපෙරදිග කලාපයේ සේවය කරන නිසා හෝ ඉන්ධන මිළ ඉහළයාමේ අවකාශය නිසා පමණක් නොවේ. පර්සියානු ගල්ෆ් කලාපයේ යුද්ධයක නියුතු ඇමෙරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ ලෝක බලවතුන්ට ඉන්දියානු සාගරයේ සිය බලය අතිශය තීරණාත්මක වනු ඇති බැවිනි. එබැවින් මේ යුද්ධයත් සමග ඉන්දියානු සාගරයේ ආර්ථික-දේශපාලන-නාවුක-යුද බලය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින බලපොරය තවත් උත්සන්නවනු ඇත. මේ කඳවුරු දෙකම ලංකාවට කරන මැදිහත්වීම් තවත් තීව‍්‍ර කරනු ඇත. විශේෂයෙන් 2007දී වත්මන් ජනාධිපති හා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් දස වසරකට වලංගුවන සේ අත්සන්කර 2017දී එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් කාල සීමාවකින් තොරව දීර්ඝ කළ ඒ.සී.එස්.ඒ. හෙවත් ‘අත්පත්කර ගැනීමේ හා හරස් සේවා ගිවිසුම’ එවැනි අවදානමක් උග‍්‍ර කරනු ඇත. යුදමය අවස්ථාවකදී ලංකාවේ භූමිය, භෞතික සම්පත් හා මානව සම්පත් භාවිතා කර ඇමරිකා එක්සත් ජනපදයට මිලිටරි සේවා සැපයීමට එමගින් පොරොන්දු වී ඇත. ලංකාවේ පාලකයන් අත්සන්කර ඇති එවැනි අමනෝඥ යුද ගිවිසුම් මගින් ලංකාවේ මිලියන 23ක ජනතාවද අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ව්‍යසනකාරී යුද්ධයකට මැදිව එහි ගොදුරු බවට පත්වනු ඇත. එනිසා ඉරානය හා එක්සත් ජනපදය අතර උද්ගතව තිබෙන යුදමය ආතතිය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස අපි ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

සිය ආර්ථික හා දේශපාලන බල අරමුණු වෙනුවෙන් ලෝකයම යුද්ධයක පටලන, ලක්ෂ ගණනින් ජන ජීවිත බිලිගන්නා ලෝක බල කඳවුරු වල පාලකයන්ට අපි බලකර කියා සිටින්නේ ලෝකය විනාශකාරී යුද්ධයකට ඇද දමන සකලවිධ සැලසුම් වහා හකුළාගන්නා ලෙසය. මේ විනාශය වැළැක්වීම සඳහා එකම විකල්පය වන්නේ අධිරාජ්‍යවාදී අත්තනෝමතිකත්වයේ කාසියේ අනෙක් පැත්ත වන ජාතිකවාදය, ජාතිවාදය හෝ ආගමික අන්තවාදය වැළඳගැනීම හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අධිරාජ්‍යවාදී සංවිධාන මත විශ්වාසය තැබීම නොව වැඩකරන ජනතාව ප‍්‍රමුඛ ලොව පුරා ප‍්‍රගතිශීලී අධිරාජ්‍යවිරෝධී බලවේගවල සංවිධානාත්මක බලයක් ගොඩනැගීමයි. එබැවින් ප‍්‍රාග්ධනයේ කෑදර අරමුණු උදෙසා සහ අධිරාජ්‍යවාදී බල අරමුණු උදෙසා ලෝකය යුදමය විනාශයකට ගොදුරු කරන ප‍්‍රතිගාමී අධිරාජ්‍යවාදී  යුද්ධය පරාජය කරන එක්සත්භාවයක් සඳහා ලොව පුරා වැඩකරන ජනතාව ප‍්‍රමුඛ ප‍්‍රගතිශීලීන්ට වාමාංශික පක්ෂ හා ව්‍යාපාර සමග එක්ව සංවිධානාත්මක බලයක් ගොඩනගන ලෙස ආරාධනා කර සිටිමු. ජාත්‍යන්තර තලයේ එවැනි පුළුල් ජාත්‍යන්තරවාදී ක‍්‍රියාකාරීත්වයක කොටස්කරුවන් වන ලෙස ලංකාවේ ජනතාවගෙන්ද ඉල්ලා සිටිමු.

 

මධ්‍යම කාරක සභාව

පෙරටුගාමී සමාජවාදී පක්ෂය

2020 ජනවාරි 08

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here